My Blog List

Friday, 27 September 2024

කඩවුණු පොරොන්දුව සිනමා පටය .

 කඩවුණු පොරොන්දුව සිනමා නිර්මාණය





                කඩවුණු පොරොන්දුව සිනමා පටය නිශපාදන කටයුතු ආරම්භ කරන ලද්දේ 1946 වසරේදීය .කඩවුණු පොරොන්දුව සිනමා පටය ප්‍රථම වරට ප්‍රදර්ශනය කොට ඇත්තේ 1947 වසරේ ජනවාරි 21 වන දිනය.කොළඹ කිංග්ස්ලි සිනමා ශාලාව තුළදී ප්‍රදර්ශනය කොට ඇත .තවද මෙම සිනමා නිර්මාණයේ නිශපාදන කටයුතු කර ඇත්තේ චිත්‍රකලා මුවිටෝන් සමාගම විසින්ය.ඒ අනුව මෙම කාල වකවානුව වන විට චිත්‍රපටයක් සදහා සුදුසු කතාවක් සොයමින් සිටි එස්.එම්.නායගම් මහතා එකල ජනප්‍රිය මිනර්වා නාට්‍යයක් වූ කඩවුණු පොරොන්දුව ඒ සදහා සුදුසු බව හදුනා ගෙන බී.ඒ.ඩබ්ලිව් .ජයමාන්නයන්ගෙන් ඒ සදහා අවසර ලබා ඇත .මුල් වතාවේදී ඒ සදහා අවසර නොලැබුණත් පසුව ඒ සදහා අවසර ලබා දී ඇත. කඩවුණු පොරොන්දුව සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කර ඇත්තේ ජ්‍ර්‍යෝතිෂ් සිංහා නැමැති ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක වරයාය.තවද සිනමා නිර්මාණය තුළදී සංගීත අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කර ඇත්තේ නාරායන අයියාර් නම් සංගීත අධ්‍යක්ෂක වරයාය .සිනමා නිර්මාණයේ කැමරා කටයුතු මෙහෙයවන ලද්දේ ප්‍රභාකර් නැමැත්තා විසිනි .තවද සිනමා නිර්මාණයේ සංස්කරණ කටයුතු සිදු කර ඇත්තේ ෆ්කීර් සලේහ්ගෙන් විසිනි .


කඩවුණු පොරොන්දුව සිනමා නිර්මාණයේ රංගන ශිල්පීන්.

1.  බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න (සැම්සන්ගේ චරිතය 

2.රුක්මණී දේවී ( රංජනීගේ චරිතය )

3.ඒ.ඩී ජයමාන්න ( මනම්පුවා)

4.ස්ටැන්ලි මල්ලවාරච්චි (හේමපාල)

5.පීටර් පීරිස් ( වික්ටර්)

6.රූපා දේවි( ටැක්ලා)

7.ඇසිලින් බාලසූරිය ( සුමනා)

8. හුයුගෝ ප්‍රනාන්දු (වෛද්‍යවරයා)

9. ඩී.ටී පෙරේරා ( ජයසේන)

                                          යන රංජන ශිල්පීන් රංගනයෙන් දායකත්වය ලබා දී ඇත .


කඩවුණු පොරොන්දුව සිනමා පටයේ ගීත නිර්මාණ.


1. ශ්‍රී ජය විජය" – මිනර්වා සංගීත කණ්ඩායම.

2. "ප්‍රේම දයා" – රුක්මණී දේවී.

3. "ළපටි රූපේ ඈගේ" – එඩී ජයමාන්න.

4. "දෙව ස්වාමි" – රුක්මණී දේවී.

5. "සන්ධ්‍යාවේ ශ්‍රියා රම්‍යා ලෙස පේනා" – රුක්මණී දේවී සහ හියුගෝ ප්‍රනාන්දු / ස්ටැන්ලි මල්ලවආරච්චි.

6. "ඉස් ඉස්සර වෙලා උඹව මමයි" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා.

7. "පාපෙ ශාපෙ දෝ" – රුක්මණී දේවී සහ හියුගෝ ප්‍රනාන්දු / ස්ටැන්ලි මල්ලවආරච්චි.

8. "මගේ සක බඹරු" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා.

9. "තක්කිට තරිකිට" – එඩී ජයමාන්න සහ ජෙමිණි කාන්තා.

10. "සුන්දරී රූප රාජිණී" – ස්ටැන්ලි මල්ලවආරච්චි සහ පීටර් පීරිස්.

11. "ජීවිතයේ සාමෙයි" – රුක්මණී දේවී.

12. "යම් ඉඳිය දිසාව" – රුක්මණී දේවී.


ඒ අනුව 1947 දී තිරගත වූ කඩවුණු පොරොන්දුව සිනමා පටය මෙරට ප්‍රථම සිංහල කතානාද සිනමා පටය ලෙස පෙන්වා දිය හැක .සමකාලීන සමාජ අත්දැකීමක් පාදක කර ගත් වෘත්තාන්ත සිනමා කෘතියක් ලෙසට පෙන්වා ඇත .මීට අමතරව මෙම සිනමා නිර්මාණය තුළදී සමාජය පිළිබඳ සමාජ විද්‍යාත්මක කරුණු එනම් සමාජ ස්ථර තත්වයන් පිළිබඳ විග්‍රහයක් ද් සිනමා කෘතිය තුළින් නිරූපිත වේ.


Tuesday, 24 September 2024

රේඛාව සිනමා පටය.

 

රේඛාව සිනමා නිර්මාණය .



                   ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු රේඛාව සිනමා පටය ස්වභාවික දර්ශන තලවල රූප ගත කල පළමු සිංහල සිනමා පටය ලෙස හැදින්විය හැක .රේඛාව සිනමා පටය මුලින්ම තිරගත කරන ලද්දේ 1956 වසරේ දෙසැම්බර් 28 වන දිනය.රේඛාව සිනමා පටය සිලෝන් තියටරස් සමාගමේ බෙදා හැරීමක් වූ අතර මෙහි කැමරා අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ විලියම් බ්ලේක් විසිනි .තවද මෙහි විශේෂතවය වන්නේ රේඛාව සිනමා පටය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.රේඛාව සිනමා නිර්මාණය සංදිස්ථානයක් ලෙස සැලකීමට හේතු ගණනාවක් ඇත.මෙම සිනමා පටය තුරු හුදු ඉන්දියානු ආභාසය සහිතව වානිජ අරමුණු පෙරදැරි කොට ගෙන නිර්මාණය වූ සිංහල චිත්‍රපට කලාවට ස්වදේශිකත්වය සහ සම්භාව්‍ය අර්ථකථනයක් ලබා දුන් සිනමා නිර්මාණයක් ලෙස හැදින්විය හැක .

තවද, ඉන්දියානු චිත්‍රාගර තුළ රූගත කිරීම වෙනුවට එළිමහන් දර්ශනතල යොදාගෙන පළමු වරට රූ ගත කල සිංහල චිත්‍රපටය ලෙස රේඛාව සිනමා නිර්මාණය විශේෂතවයක් උසුලයි.අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් පළමු වරට නියෝජනය කරන ලද්දේ රේඛාව සිනමා නිර්මාණයයි.මෙම සිනමා නිර්මාණය 1957 වර්ශයේ ප්‍රංශයේ කාන්ස් චිත්‍රපට උළෙල නියෝජනය කල අතර 1956 වසර සදහා වූ දීපශිඛා සම්මානයෙන්ද රේඛාව සිනමා නිර්මාණය පිදුම් ලබයි .මීට අමතරව රේඛාව සිනමා පටය කර්ලෝවිවාරි සිනමා උළෙල, ස්ටැම්ෆඩ් සිනමා උළෙල වැනි අන්තර්ජාතික සිනමා උලෙළ ගණනාවක්ම නියෝජනය කල අතර මෙහිදී විශේෂත්වය වන්නේ ඒ සදහා සුදුසු කම් ලැබූ පළමු සිංහල චිත්‍රපටය රේඛාව සිනමා නිර්මාණය වීමයි.





                   රේඛාව සිනමා නිර්මාණය සදහා රංගනයෙන් දායක වූවන් අතර ආනන්ද වීරකෝන්, මල්ලිකා පිල පිටිය, ඩී.ආර් නානායක්කාර, අයිරාංගනී සේරසිංහ, රොම්ලන්ද සිල්වා වැනි රංගන ශිල්පීන් වැදගත් වේ.මීට අමතරව රේඛාව සිනමා නිර්මාණයේ සංස්කරණය කටයුතු ටයිටන් තොරවත්ත විසින් සිදු කර ඇති අතර කලා අධ්‍යක්ෂණය ශේෂා පලිහක්කාර විසින් සිදු කර ඇත .තවද සංගීත අධ්‍යක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ සුනිල් ශාන්ත ප්‍රමුඛ පිරිස වේ.සිනමා පටය තුළ ගීත පද මාලා රචනා කොට ඇත්තේ මර්සලීන් ජයකොඩි පියතුමා විසින්ය .තවද රේඛාව සිනමා නිර්මාණය සදහා ගාමිණී ෆොන්සේකා රංගදරයා විසින් සිනමා පටය තුළ කාර්මික ශිල්පී භූමිකාව සදහා රංගනයෙන් දායක වී ඇති අතර වේෂ නිරූපණ කටයුතු ඩෙරික් ඩෙනිස් විසින් සිදු කර ඇත .එමෙන්ම සිනමා නිර්මාණය සදහා දෙබස් රචනා කොට ඇත්තේ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා විසිනි .ඒ අනුව රේඛාව සිනමා නිර්මාණය ලාංකේය සිනමාව නව මානයයට රැගෙන යාමට දායක වූ විශිෂ්ඨතම සිනමා නිර්මාණාත්මක් ලෙස හදුන්වා දිය හැකිය.
 

Saturday, 14 September 2024

කතානාද සිනමා යුගය .



 කතානාද සිනමා යුගය

 

1930 වසරේ මැද භාගය වන විට සීමා සහිත මාදන් තියටරස් සමාගම විශාල වර්ධනයක් පෙන්නුම් කරන ලදී.මාදන් තියටරස් සමාගමේ නිර්මාපකයා වූයේ ජ්මශේජ් ශිරාම්ජි නම් පුද්ගලාය.ඔහු 1902 දී කල්කටාව කේන්ද්‍ර කොට ගත් සිනමා ව්‍යාපාරකයෙකු ලෙස ප්‍රසිද්ධය.ඔහු ඉන්දියාවේ ප්‍රධාන නගර වල සහ බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි ප්‍රධාන නගර වලත් සිනමා ශාලා හා චිත්‍රපට බෙදා හැරීම ඔහුගේ ආධිපත්‍යයට තතු කර ගැනීමට සමත් විය.ලංකාව තුළ මෙය ඇරඹුනේ ඔහුගේ පළමු ශ්‍රීලංකා සංචාරයෙන් අනතුරුවය. එනම් 1903 වර්ෂයේදීය .ඒ අනුව ඔහුගේ මැදිහත් වීමත් සමග ශ්‍රීලංකාව පුරා චිත්‍රපට බෙදා හැරීම සහ ප්‍රදර්ශනය කිරීම මෙන්ම දිවයින පුරා සිනමා ශාලා ප්‍රමාණය ඉහළ නැංවීමට හැකියාව ලැබිණි. 


 ජ්මශේජ් ශිරාම්ජි


   ලංකාව තුළ 1925 වන තෙක්ම දේශීය චිත්‍රපට නිශපාදනයක් සිදු නොවුණු අතර මෙම කාල සීමාව තුළදී දේශීය සිනමාව පිළිබඳ එතරම් සැළකිලිමත් නොවූ යුගයක් ලෙසට හැදින්විය හැක .එමෙන්ම ඉන්දියාව තුළ ඒ වන විට නිහඬව චලනය වූ හින්දි සිනමා ලෝකයට ගීත,දෙබස්,සංගීතය මුසු වීමත් සමගින් චිත්‍රපට නිර්මාණය කෙරෙහි ප්‍රවේශ විවර විය. ශ්‍රී ලංකාව තුළ ඒ වන විට ප්‍රවේශ වීමට නොහැකි වූයේ ඊට අදාළ තාක්‍ෂණික පහසුකම් නොතිබීම හා භූගෝලීය වශයෙන් දුරස්ථ භාවයක් පැවතීම යන කරුණු බලපා ඇත. මෙම කාල සීමාව තුළ දේශීය සිනමා නිර්මාණයන් නොතිබුණ පසුබිමක ඉන්දියානු හා ඇමරිකානු චිත්‍රපට ප්‍රේක්ෂකයන් වෙත නැරඹීම සදහා අවස්ථාව ලබා දී ඇත.නිදසුනක් ලෙසට ගෝවින්ද රාජ් පාල්කේශේ රාජා හරිචන්ද්‍ර සමගින් චාලී චැප්ලීන්ගේ Gold Rush (1925) සන සිනමා කෘති ගත හැකිය.

මීට අමතරව තවත් නිදසුනක් ලෙසට චාලී චැප්ලීන්ගේ නිහඬ සිනමා කෘතියක් වූ Good Night Charlie නැතහොත් A Night කොළඹ එල්ෆින්ස්ටන්හිදී ප්‍රදර්ශනය කොට ඇත .මීට අමතරව කාල සීමාව තුළදී ස්ටූවන්ට් නැමැත්තා විසින් නිශපාදනය කරන ලද Wonderful Night සහ ජේම්ස් ෆ්ලච්ගේ Man Without a Conscience යන සිනමා පට ලාංකීය ප්‍රෙක්ෂ්කයා හට නැරඹීම සදහා අවස්ථාව උදා විය. 


                                                               ආචාර්ය එන්.එම්.පෙරේරා

තවද, ශ්‍රීලංකාවේ සිනමා ඉතිහාසය තුළ වැදගත් සංදිස්ථානයක් සනිටුහන් වූයේ ප්‍රථම නිහඬ සිනමා පටය වූ ටී.ඒ.ජී නූර්බායිගේ රාජකීය වික්‍රමය නම් සිනමා කෘතියයි.රාජකීය වික්‍රමය සිනමා පටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ගුප්ත යන අය විසින්ය. සිනමා පටය සදහා ප්‍රධාන රංගන දායකත්වය ලබා දී ඇත්තේ ආචාර්ය එන්.එම්.පෙරේරා විසිනි.මීට අමතරව සිනමා පටය ඉන්දියාව හා සිංගප්පූරුව තුළ ප්‍රදර්ශනය කොට ඇත.

මේ ආකාරයට මෙරට නිහඬ සිනමා යුගය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර හැක.

මේ පිළිබද වැඩිදුර අධ්‍යයනය සඳහා,






Saturday, 7 September 2024

නිහඬ සිනමාවේ කැපී පෙනෙන චරිත.

 


නිහඬ සිනමාව තුළ කැපී පෙනෙන පුද්ගලයන් 



ජෝර්ජ් මේලීස්






ප්‍රංශ ජාතික ජෝර්ජ් මේලීස් චිත්‍ර ශිල්පියෙකි.මොහු කාටූන් ශිල්පියෙක් සහ කාර්මික ශිල්පියෙකු ලෙසද කටයුතු කර ඇත .සිනමාවට මැජික් ශිල්පය හදුන්වා දෙන්නේ මොහු විසිනි.තවද මොහු චලන කැමරාවක් නිපදවා රොබ්ට් පෝල්ගේ ප්‍රක්ශේපන යන්ත්‍රය මිලදී ගෙන චිත්‍රපට නිර්මාණය සහ ප්‍රදර්ශනය සිදු කර ඇත .1898- 1913 දක්වා කාලය තුළ චිත්‍රපට 500 කට අධික ප්‍රමාණයක් මොහු විසින් නිර්මාණය කර ඇත .මීට අමතරව මොහු චිත්‍රපට වල කතා ලිවීම දර්ශන තල සකස් කිරීම ,දර්ශන රූප ගත කිරීම ,එහි ප්‍රධාන චරිත නිරූපණය ,අධ්‍යක්ෂණය කිරීම ,නිශපාදනය කිරීම මොහු විසින්ම සිදු කර ඇත  මේ නිසාම සිනමාවේ ප්‍රථම තත්‍ය සිනමාකරු ලෙස හැදින්වේ .ඔහුගේ චිත්‍රපට මාධ්‍යට ලැබුණු ප්‍රධානතම  දායකත්වය වන්නේ උපක්‍රමශීලී රූ ගත කිරීම් විලාශයයි.කඩින් කඩ චලන මූලධර්මය හෙවත්  ස්ටෝප් ඇක්ෂන් මූලධර්මය මොහු විසින් සිනමාවට හදුන්වා දෙන ලදී.කැමරාව හා ක්‍රියාව නතර කර දර්ශනයට අලුතින් යමක් එකතු කර හෝ ඉවත් කර නැවත කැමරාව හා ක්‍රියාව ඇරඹීමෙන් වස්තූන් පරිවර්තනය හා අතුරුදන් කිරීම කල හැකි බව එම මූලධර්මය මගින් අවබෝධ කර ගන්නා ලදී.එනම් වරක් එළිමහන් රූපගත කිරීමකදී කැමරාවේ දෝශයක් නිසා එය මදකට නවතා පසුව නැවත රූ ගත කිරීමෙන් පසුව අදාළ දර්ශනය නැරඹීමේදී පසු තලයේදී ගමන් ගත් රථයක් එක් වරම අවමංගල්‍ය රථයක් ලෙස දිසිවීමක් සමග මෙම මූලධර්මය සොය ගන්නා ලදී.මෙම මූලධර්මය පසුකාලීනව සිනමාවේ ප්‍රමුඛ සිද්ධාන්තයක් බවට පත් විය .1897 දී තමාගේ චිත්‍රාගරයක් නිර්මාණය කල මොහු සිනමාවට අවශ්‍ය විශේෂ ක්‍රම ශිල්ප වර්ධනය කළේය .මේ ආකාරයට මොහුගෙන් සිනමාවට ලැබුණ දායකත්වය අගනේය.



එඩ්වින් එස් . පෝටර්






ගොපලු සිනමාවේ පියා ලෙස හැදින්වෙන මොහු පුරෝගාමී අවධියේ එක්සත් ජනපදයේ බිහිවූ එකම සාර්ථක සිනමා කරු ලෙස හැදින්වේ.මොහු චලන රූප භාවිතයේත් කතාන්දර කීමේ ක්‍රමය සොයා ගැනීමේ පුරෝගාමියා වේ.චිත්‍රපට කලාවේ මූලික පදනම සංස්කරණය තුළින් ගොඩනැංවිය හැකි බව මුල් වරට ඉදිරිපත් කළේ මොහු විසිනි .එම නිසාම මොහු සංස්කරණයේ පියා ලෙස හැදින්වේ.1873 දී නිර්මාණය කළ The life of an American Finemen නැතහොත් ඇමරිකානු ගිනි නිවන බටයාගේ දින චර්යාව නැමැති චිත්‍රපටය වාර්තා වෘත්තාන්ත චිත්‍රපට ධාරාවේ ආරම්භය සනිටුහන් කරයි.එඩිසන්ගේ චිත්‍රපට ගබඩාවේ තිබූ ගිනි නිවන හමුදාවේ ක්‍රියාකාරකම් ඇතුළත් රූප පෙළක් සොයා ගත් මොහු ඒ ඇසුරෙන් එම චිත්‍රපටය නිර්මාණය කර ඇත .සංස්කරණ රීතිය ඔහු වඩාත් හොදින් බාවිතා කරනු ලැබුවේ 1903 දී නිර්මාණය කළ The Great train robbery මහා දුම්රිය මංකොල්ලය චිත්‍රපටය තුළය.සංස්කරණ රීතීන් මෙන්ම කැමරාවේ ශක්‍යතාවයන් කතාවක් කීම සදහා පළමුවරට සංකලනය කරනු ලැබුවේ මෙම චිත්‍රපටය තුළය.එකම සිදුවීම් දෙකක් සමාන්තර ජේදනය මගින් නිරූපණය කිරීම සමීපා රූපයකට ජේදනය කිරීමෙන් යමක් අවධාරණය කිරීම වැනි සංස්කරණ උපක්‍රම ඔහු සිනමාවට හදුන්වා දී ඇත.මේ ආකාරයට මොහුගෙන් සිනමාවට ලැබුණු දායකත්වය සදහන් කළ හැක.



ඩේවිඩ් වෝග් ග්‍රිෆිත් 









චලන රූප ගත කිරීම හා ප්‍රක්ශේපනය පිළිබඳ පර්‍යේක්ෂණ වලින් සමන්විත පුරෝගාමි අවධිය අවස්නව චිත්‍රපට කලා මාධ්‍යයක් ලෙස වැඩෙන්නට පටන් ගත්තේ ඩේවිඩ් වෝග් ග්‍රිපිත් සමගය. චිත්‍රපට භාෂාව පිළිබඳ මූලික සිද්ධාන්ත රාශියක් සොයා ගැනීම හා වර්ධනය කිරීමත් චිත්‍රපටයේ ප්‍රකාශන ශක්තිය වැඩි කිරීම උදෙසා එය භාවිතා කිරීමත් නිසා ඔහු චිත්‍ර කලාවේ පියා ලෙසද හදුන්වනු ලබයි.සිනමාවේ ප්‍රථම කලාකරුවා සිනමාවේ බුද්ධිමතා සිනමාවේ කවියා සිනමාවේ ඍෂි වරයා ලෙස හදුන්වනු ලබයි.මොහුගේ අදහස චිත්‍රපට යනු හුදෙක් කතන්දර පමණක් ප්‍රකාශ කරන මාධ්‍යයක් නොව ජීවිතය හා සමාජය පිළිබඳ ගැඹුරින් අර්ථ සම්පාදනය කරන ලලිත කලාවක් බව ඔහුගේ අදහසයි.ඔහු සෑමවිටම ප්‍රකාශ කරන ලද්දේ " මට අවශ්‍ය ඔබ ලබා බැලවීමටයි ". යන්නයි. නාට්‍ය රචකයෙකු ලෙස කලාවට පිවිසෙන මොහු පසුව දර්ශන රචකයෙකු ලෙස එඩිසන්ගේ චිත්‍රපට සමාගමට බැදේ.1908 කතා රචකයෙකු හා අධ්‍යක්ෂකවරයෙකු ලෙස Bio Graph සමාගම බැදුණු මොහු 1908-1914 කාලයේ චිත්‍රපට 500කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කළේය . මොහුගේ අදහස වූයේ චිත්‍රපටයක පදනම දර්ශනය නොව තනි රූපය බවයි.දුර රූප, මධ්‍යම රූප, සමීප රූප ලෙස රූප වර්ග කළ ඔහු කැමරා චලනය රූපයට විවිධ අර්ථ ලබා දුන්නේය .ඩේවිඩ් වෝග් ග්‍රිපිත් නිර්මාණය කළ චිත්‍රපට අතර වඩාත් විශිෂ්ඨතම චිත්‍රපටය වන්නේ The Birth of a Nation නැතහොත් ජාතියක උපත සිනමා පටයයි 1915 දී නිර්මාණය කරන ලද මෙමෙ චිත්‍රපටය පැය තුනකට අධික ධාවන කාලයකින් යුක්ත වේ .මේ ආකාරයට මොහුගෙන් සිනමාවට ලැබුණ දායකත්වය දැක්විය හැක.


Sunday, 1 September 2024

සිනමාවේ පූර්ව යුගය

 


සිනමාවේ පූර්ව යුගය 






ලෝක සිනමාවේ ආරම්භය හා වර්ධනය පිළිබඳ සැලකීමේදී වඩාත් වැදගත් වන්නේ පූර්ව සිනමා යුගය සහ නිහඬ සිනමා යුගයයි.සිනමාවේ ආරම්භය පිළිබඳ හදාරන විට ප්‍රධාන වශයෙන් මූලික සාධක තුනක් පිළිබඳ අවධානය යොමු කල යුතු වේ.


1)  නිශ්චල ඡායාරූප ශිල්පයේ වර්ධනය .

2)  තාක්‍ෂණයෙන් ගොඩ නංවන ලද දෘශ්‍යමය විනෝද මාධ්‍ය .

3)  දෘශ්ඨියේ අඛණ්ඩතාව පිළිබඳ සිද්ධාන්තය ඇසුරෙන් බිහිවූ දෘශ්‍යමය ක්‍රීඩා භාණ්ඩ .

    
  නිශ්චල ඡායාරූප ශිල්පයේ වර්ධනය 

සිනමා ආරම්භය කෙරෙහි බලපෑ සාධක අතරින් එක් ප්‍රධාන සාධකයක් වන්නේ නිසල රූප රාමු කලාවයි .සූර්යයා ලෝකය හා ඡායා පතිත වීම පිළිබඳ සොය ගැනීම් රැසක් සොයා ගැනීම පිළිබඳ ගෞරවය ඇරිස්ටෝටල් පඩිවරයාට හිමි වේ.තවද ඉයුක් ලීඩ් නම් විද්වතා ලෝකය සරල රේඛීය මාර්ගයක ගමන් ගන්නා බව හෙළි දරව් කර ඇත .ඉන් අනතුරුව අල් හසන් නැමැති අරාබි ජතික විද්වතා කාමරයක් තුළට කුඩා සිදුරකින් පතිත වන  ආලෝක සෙවනැල්ල උඩු යටි කුරු වී පතිත වීම පිළිබඳ අධ්‍යනය කර තිබේ.

                                           ක්‍රි.ව 1267 පමණ වන විට  රොජර් බේකන් නැමැති පූජකවරයා විසින් අදුරු කාමරයක් තුළට සිදුරක් තුළින් පතිත වන ආලෝක සෙවනැල්ල සහ එයින් මැවෙන ප්‍රතිබිම්බ පිළිබඳ අධ්‍යනය කර තිබේ.නූතන කැමරාවේ ආදි මුතුන් මිත්තා වන කැමරා ඔබ්සිකියුරාව බිහි වීම කැපී පෙනේ.16 වන සියවසේ ලියනාඩෝ ඩාවින්චි විසින් කැමර ඔබ්සිකියුරාව ඇසුරෙන් සිතුවම් ඇදීම පිළිබඳ අධ්‍යනය කර ඇත.ඔහුගේ භාවිතය වූයේ අල්පෙනෙති සිදුරක් තරම් ගලා එන ආලෝකයෙන් ලැබෙන ප්‍රතිබිම්බ ඇසුරෙන් රූප ඇදීමයි.ක්‍රි.ව.1550 පමණ වන විට කර්ඩානනෝ නම් පර්‍යේක්ෂකයා අල්පෙනෙති සිදුරක් තරම් සිහින් සිදුරකට කාචයක් යොදා පැහැදිලි රූප යොදා ගත හැකි පරිදි එය සංවර්ධනය කර තිබේ.පසු කාලීනව තව දුරටත් කැමරා ඔබ්සිකියුරාව වර්ධනය වී තිබේ.1694 දී රොබට් හුක් විසින් නිර්මාණය කල කැමරා ලුසිඩාව පෙන්වා දිය හැක.මේ ආකාරයට ලෝකයේ කැමරාව නැමැති තාක්‍ෂණික උපකරණය ක්‍රමානුකූලව වර්ධනය වී ඇත.

කැමරාවක් වර්ධනය වී පැවතියද රූප ඉබේ සටහන් වන ක්‍රමයක් එතෙක් නිර්මාණය කර නොතිබුණි .ඉහත දක්වන ලද සොයා ගැනීම් ඡායාරූපයක් වීමට තරම් ප්‍රමාණවත් සාධක ඒ තුළ නොවීය .ඒ සියල්ල චිත්‍ර ශිල්පය ඇදීම සදහා උපකාර වූ ක්‍රමයකි.ඡායාරූපයක් වීමට නම් තිබිය යුතු ප්‍රධාන සිද්ධාන්ත දෙකක් ලෙස ආලෝකයක් හරහා රූපයක් සටහන් කර ගැනීම ඒ සටහන් කර ගත් රූපය කොහේ හෝ තැනක තැන්පත් කර ගැනීමයි.ඒ අනුව 1826 දී ප්‍රංශ ජාතික ජෝශප් විසින් ආලේපයක් තැවරූ වීදුරු ඵලකයක් යොදා ගනිමින් රූපය ඇදීම වෙනුවට එය ඵලකයේ රදවා තබා ගැනීමට හැකියාව ලබා ගන්නා ලදී.මෙය හේලියෝ ග්‍රැෆි නැතහොත් හිරු එළියේ ඇදීම යනුවෙන් හදුන්වා ඇත .1839 දී ඩැගියුරේ විසින් වීදුරු ඵලකයක පින්තූර සටහන් කර ගැනීම වෙනුවට රසායන ද්‍රව්‍ය ඇතිරූ තහඩු මත රූප සටහන් කර ගැනීමේ ක්‍රමයක්ද හදුන්වා දුන් අතර එය ඩැගියුරේ ටයිප් යනුවෙන් හදුන්වා දී තිබේ.ලෝකයේ ප්‍රථම ගුණාත්මක ඡායාරූපය වන පාලු මාවතක ගසක් යට සපත්තු මදින්නෙකුගේ ඡායාරූපය ගනු ලබන්නේද ඩැගියුරේ විසින්ය.1854 දී ඇමරිකානු ජාතික ජෝර්ජ් ඊස්ට්මන් විසින් සැහැල්ලු සෙලියුඩොයිට් පටලය නිර්මාණය කර ඇත .මෙලෙස බිහි වන නිසල රූප රාමු කලාව පසුව බිහි වන සිනමාවට මූලික පදනම සපයනු ලබයි.

                                     
  තාක්‍ෂණයෙන් ගොඩනංවන ලද විනෝද ඡායාරූප 

අනාදිමත් කාලයක සිට රූප රාමු වෙනුවට තම සෙවනැල්ල හරහා එහා මෙහා චලනය කිරීමේදී ඇතිවන අපූර්වත්වය පිළිබඳ සෙවීමට මිනිස් මනස පොළොඹවන ලදී.කුතුහලයට බදුන් වූ සෙවනැලි පිළිබඳ හා සෙවනැල්ල චලනයේදී ඇතිවන අපූර්වත්වය 11 වන සහ 12 වන සියවස වන විට අතහදා බැලීම හා සොයා ගැනීම් රැසකට මුල පුරා තිබිණි.ආලෝකය ලැබෙන පහනක් ඉදිරියේ දෑත් එක්කර ඇගිලි චලනය කරමින් විවිධ සත්වයන්ගේ හැඩරුව සහ මිනිස් රූප මැවීම බලා සිටීමට ප්‍රිය උපදවන කලාව බවට පත් විය.සෙවනැලි රූපරාමු කර ගැනීමේ කලාවේ වැදගතම අවස්ථාව වන්නේ මැජික් ලැන්තෑරුම නැමැති සවනැලි රූප නැරඹීමේ උපකරණය බිහිවිය .17 වන සියවසේ බිහිවූ මැජික් ලන්තෑරුම මගින් අදින ලද රූපයක් බිත්තිය මතට පතිත කිරීමට සමත් විය.මැජික් ලන්තෑරුම යනු සිනමාව බිහි කිරීමට පෙර පූර්ව අවධියේ මුලින්ම ප්‍රක්ශේපනය හදුනා ගත් අවස්ථාවක් ලෙස දැක්විය හැක.පළමු වරට 1644 ජරමානු ජාතික පූජකවරයෙකු වූ ඇතනේසියන් පියතුමා විසින් මැජික් ලැන්තෑරුමේ දර්ශනයක් රෝමයේදී පවත්වා තිබේ.17 වන සියවස අග භාගය වන විට මැජික් ලන්තෑරුම තව දුරටත් දියුණු කිරීමට බොහෝ පර්‍යේක්ෂකයන් උත්සාහ ගෙන ඇත.18 වන සියවස වන විට මැජික් ලැන්තෑරුම ප්‍රංශය වැනි රටවල භාවිතයට ගෙන ඇත්තේ ප්‍රේක්ෂකයන් හට භූතයින් අවතාර පෙන්වීමටය.මෙලෙස බිහි වන මැජික් ලැන්තෑරුම සිනමාවේ රූප චලනය කිරීමේ සහ ප්‍රක්ශේපනය කිරීමේ සිද්ධාන්තය ලෙස මග පෙන්වමින් එයට දායකත්වය දක්වනු ලැබීය.


              දෘෂ්ඨියේ අඛණ්ඩතාව පිළිබඳ සිද්ධාන්තය 

මෙය පීටර් මාර්ක් රොජේ විසින් ඉදිරිපත් කරන ලද්දකි.අප යම් වස්තුවක් දෙස යම් කිසි වෙලාවක් බලා සිටි පසු එම වස්තුවෙන් ඇස ඉවතට ගෙන වෙනත් වස්තුවක් දෙසට අපේ ඇස් යොමු කල විට අප විසින් මුලින් බලා සිටි තප්පරයෙන් දහයෙන් එකක වැනි කුඩා ප්‍රමාණයක් තරම් කාලයක් එම වස්තුව අපේ මතකයේ රැදී අපට දිස්වේ.මෙලෙස රූප රාමු දෙකක් අතර ඇස මාරු වන විට මෙය තුළ පවතින අඛණ්ඩතාව දෘෂ්ඨියේ අඛණ්ඩතාව ලෙස හදුන්වනු ලැබේ.







ජෝ අබේවික්‍රම මහතා .

දේශබන්දු ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම 1927 ජුනි 22 දින උපත ලබයි. ජෝ අබේවික්‍රම යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ කැපී පෙනෙන රංගධරයෙක් ...