My Blog List

Monday, 21 October 2024

කඩවුණු පොරොන්දුව සහ බී.ඒ ඩබ්ලිව් ජයමාන්න.

 කඩවුණු පොරොන්දුව සහ බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න .


සිංහල සිනමාවේ ආරමභකයා ඔහුහ. ප්‍රථම කතානාද චිත්‍රපටයේ කතා රචකයාත් ප්‍රධාන නළුවාත් වූ ඔහු සිංහල සිනමාවේ පියා ලෙසද හැදින්වේ. වේදිකා නාට්‍ය කලාව අතහැර චිත්‍රපට කලාවට අවතීර්ණ විය.

මීගමුවේ මිනර්වා නාට්‍ය සංගමය බිහිවූයේ මෙතුමාගේ පුරෝගාමිත්වයෙනි. නාට්‍ය ලෝකයේත් පසුව සිනමා ලෝකයේත් ඔහු හැදින් වූයේ ඇලෝ අයියා  යන ආදර නාමයෙනි. 1908 මීගමුවේ පෙරියමුල්ලේ උපත ලැබූ ඔහු නාට්‍ය කලාවට පිවිසියේද මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙනි.

මෙතුමන්ගේ මුල්ම නාට්‍ය වූ හත්වැනි පැය හෙවත් භයානක පොරොන්දුව 1936 දි නිපදවිය. 1936 සිට 1964 දක්වා මෙතුමන් වේදිකා නාට්‍ය 15 ක් නිපදවා ඇති අතර ඔහුගේ අවසන් මිනර්වා නාට්‍ය වූයේ වනලිය යි. 

ශ්‍රීලංකාවේ සෑම තැනකම 800 වාරයක් තිරගත වූ කඩවුණු පොරොන්දුව නාට්‍ය චිත්‍රපට ගත කිරීම මිනර්වා කණ්ඩායමට අපූරු අත්දැකීමක් විය. චිත්‍රපටයේ පැය 2 1/2 එක් පැයක් කතාවේ දෙබස් සහිත දර්ශන සදහා වෙන්විය. මෙහි ඉහළ පන්තියේ පෙම්වතුන් ධනවත් ගෙහිමයන් චරිත සදහා ඔහු  යොදා ගත්තේ ලේඛන භාෂාවේ එන දෙබස්‍ ය. 


එමෙන්ම මෙතුමන් විකට ජවනිකා සදහා භාවිතාකොට ඇත්තේ සාමාන්‍ය එදිනෙදා භාවිතා කල සංවාදය. කඩවුණු පොරොන්දුව සිනමා පටයේ පැය භාගයක් සිංදු සදහා වෙන්විය. සිංදු දහයක් විය. තවත් පැය භාගයක් නිශ්ශබ්ද පසුබිම් දර්ශන සදහා වෙන්විය . විවේක කාලය  විනාඩි පහළොවකි. බී.ඒ.ඩබ්ලිව් කඩවුණු පොරොන්දුව සිනමා පටයේ ප්‍රධාන චරිතය සැම්සන් ලෙසත් රුක්මණී දේවී ප්‍රධාන චරිතය රංජනී ලෙසත් රගපෑම නිසා සිංහල සිනමාවේ ප්‍රථම නළු නිළි යුවල විය. 

තවද මිනර්වා නාට්‍ය ඇසුරෙන් සිනමාවට නැගුණු චිත්‍රපට අතර කපටි ආරක්ෂකයා 1948 දී තිරගත විය. තවද වැරදුණු කුරුමානම 1948  ද, පෙරළෙන ඉරණම 1949 ද තිරගත විය. 

මෙතුමන් තනිව අධ්‍යක්ෂණය කල චිත්‍රපට 1950 දී තිරගත විය. 1950 හදිසි විනිශ්චය , 1951 උමතු විශ්වාසය, කැළෑ හද 1953 ද තිරගත විය. 

ඔහුගේ කැළෑහද චිත්‍රපටය අතිශයෙන් ජනප්‍රිය චිත්‍රපටයක් විය. 1956 දී දිනමිණ  පත්‍රය විසින් පවත්වන ලද සිනමා උළෙලේදී ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ කැළෑහද චිත්‍රපටයයි.

 එමෙන්ම තවද මෙතුමන් අධ්‍යක්ෂණය කල චිත්‍රපට අතර අයිරාංගනී 1954, මතභේද 1955, දෛව විපාක 1956, හදිසි විවාහය 1956, කවට අන්දරේ 1960, ජිවිත පූජාව 1961, මංගලිකා 1963, මගුල් පෝරුවව 1964 දි කැපී පෙනේ. 

ඒ අනුව බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නයන් මිය ගියේ මගුල් පෝරුවව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිටියදී 1965 වසරේදීය.

Wednesday, 16 October 2024

ඉගිල්ලෙන මාලුවෝ සිනමා පටය.

 ඉගිල්ලෙන මාලුවෝ සිනමා පටය.




නැහගනහිර යුධ බිම මායිමේ ගෙවුණු සංජීව පුෂ්‍පකුමාරයන්ගේ ජීවන අත්දැකීම්  වල පරිකල්පනයක් ලෙසට  ඉගිල්ලෙන මාලුවෝ සිනමාපටයේ කතා වස්තුව ගෙතී ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට සමාන්වතර කථා තුනක් වටා චිත්‍රපටයේ පෙළ දිග හැරී ඇත. චිත්‍රපටය තුළ හමුදා භටයෙක්  විසින් ගමේ තරුණියක් අනාථ කල පලා යාමක් මූලික ප්‍රස්තුතය බවට පත්ව ඇත. ඒ තුළින් ඉස්මතුව පෙන්වන්නේ ඔහුගේ හමුදා නිලය නොව  ඔහු තුල ජීවත් වන සාමාන්‍ය  මිනිස් දුර්වලතාවලින් හෙබි මනුෂ්‍යයයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ යුද්ධය  පැවති කාල සීමාවන්හි ඒ ප්‍රදේශයන්හි පැවති සමාජ පසුබිම,මිනිසුන්ගේ හැගීම් ,කළකිරීම,වේදනාව,කෝපය යන මහනෝභාවයන් චිත්‍රපටය හරහා ඉදිරිපත් කොට ඇත.



ඉගිල්ලෙන මාලුවෝ සිනමා පටය ආඛ්‍යාන තුනක කථාවක් වශයෙන් නිර්මාණය වී ඇත. එම ආඛ්‍යාන තුනට පදනම  වන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධය  පැවති සමයේ හමුදා සොල්දාදුවෙක් හා සිංහල යුවතියක් අතර ඇතිවන  සම්බන්ධය වයස අවුරුදු දාහතරක පුතෙක් ඔහුහේ තරුණ  මවත් සමග ඇති කර ගන්නාවූ ගැටුම, එල් ටී ටී සංවිධානය දහතුන් හැවිරිදි දරුවෙක්ව පැහැර ගෙන යාමට දරන උත්සාහය වශයෙන්  චිත්‍රපටයේ ආඛ්‍යානය නිර්මාණය වී ඇත. 

 වාසනා නම්  තරුණිය හා සොල්දාදුවා අතර සම්බන්ධය තුළදී ඇය ගමේ තරුණියක් හමුදා සොල්දාදුවෙක් සමග ආදරයෙන් බැදේ. ඔවුන් දෙදෙනා අතර  සම්බන්ධය  දුරදිග යාමෙන්  ඇයව හමුදා  සොල්දාදුවා අතින් ගැබ්  ගනී. වාසනා සහ හමුදා සොල්දාදුවා උත්සාහ ගන්නේ දරුවා ගබ්සා කිරීමටයි. දිනක් ඔවුන් දෙදෙනා  දරුවා ගබ්සා කිරීමට යයි. නමුත් ඔවුන් දෙදෙනාගේ  එම උත්සහාය අසාර්ථක වේ. මේ අතර යුද්ධය  උත්සන්න තත්වයට පත් වෙද්දී  ගම ආරක්ෂා  කිරීමට වැඩිහිටි පිරිමි  සිවිල් ආරක්ෂක  හමුදාවට බදවා ගනී. මේ  බදවා ගැනීම්  අතර වාසනාගේ පියාද සිටියි. ඇහේ පියාද සිවිල් ආරක්ෂකභටයකු වශයෙන් හමුදාවට බදවා ගනී. වාසනා සමග ප්‍රේම සේබන්ධතාවක් ඇති කර ගෙන තිබෙන හමුදා සොල්දාදුවාගේ කදවුර වූයේද පියා අනුබද්ධව තිබෙන හමුදා කදවුරයි.

දිනක් සිවිල් ආරක්ෂක පියා හිතා මතාම හමුදා කදවුරේ ඔහුට පැවරී තිබූ වගකීමක් මගහරියි. ඒ අනුව වාසනාගේ පෙම්වතා  තම සේවය  කරන හමුදා කදවුරේ සොල්දාදුවන්  සේවයට වාර්තා නොකිරීම නිසා සිවිල් ආරක්ෂක පියාගේ නිවසට පැමිණ  බැණවැදී නින්දා අපහස කරයි. එයින් මහත් සිත් තැවුලට පත් වාසනාගේ පියා හිසට වෙඩි තබාගෙන මිය යයි. ඒ අතර වාසනාගේ සොල්දාදු පෙම්වතා  ගමෙන් මාරුවීමක්  හදා ගෙන පලා යයි. තම පියාගේ දිවි නසා ගැනීමෙන් හා ගැබ්  ගෙන සිටියදී තමා හැර යාමෙන්  සොල්දාදු පෙම්වතා පිළිබද දැඩි  කෝපයට පත් ඇය සොල්දාදු  පෙම්වතා  උපක්‍රමශීලීව හමුවීමට උත්සාහ දරයි.

එසේම, සිනමා පටයේ  මව සහ පුතා අතර නිරූපිත අනියම් සම්බන්ධතාවයද අනෙක්  අඛ්‍යානයයි. සිනමා පටයේ මව වැන්දඹු කාන්තාවකි. ඇය තම දරුවන් අට දෙනා සමග දුරබැහැර ගමක වාසය කරයි. මෙම කාලවකවානුව තුළ රජයේ හමුදාව සහ එල්.ටී.ටී සංවිධානය අතර අරගලය උත්සන්න  කාල වකවානුවකි. දැඩි දරිද්‍රතාවයෙන්  පෙළෙන ඇය කිරි වෙළදාම්  කරන්නියකි. මේ අතර  තුර ඇය ගමේ වෙනත් තරුණයෙක් සමග අනියම් සම්බනධතාවයක් ඇති  කර ගනී. ඇයහේ වැඩිමහල් පුතා පවුලට සහහයෝගය දැක්වීම සදහා මාළු වෙළදාමේ යෙදෙයි. මේ ඇයහේ වැඩිමහල් පුතා ඔහුහේ වයසේ ගැහැණු ළමයකු සමග  ආදරයෙන් බැදේ. මෙහිදී  මවගේ අනියම්  සබදතාව වෙනත් අයට හෙළි වීමත් සමග ඔහු දැඩි  අපහසුතාවයට පත් වේ. මේ අතර මවගේ  සම්බන්ධය ගැන විවිධ කට කතා පැතිරෙන්නට විය. දිනක් ඔහුගේ  මව අනියම් පේම්වතා සමග ලිංගික සංසර්යේ යෙදී  සිටිනු දුටු ඔහු කෝපයට පත්ව සහහෝදර සහහෝදරියන්ව ඉදිරිපිටදීම සිය මවට පිහියෙන්  ඇන මරා දමයි.

ඉගිල්ලෙන  මාලුවෝ සිනමාපටයේ  හතර වැනි ආඛ්‍යානය වන්නේ ද්‍රවිඩ පාසල් සිසුවියගේ  පවුල හා  ත්‍රස්තවාදී කණ්ඩායමක් අතර සිදුවන ක්‍රියාදාමයයි. ද්‍රවිඩ පාසල් සිසුවිය පාසලෙන් පසුව නිවස බලා යන අතරතුර බස් රථයක ගමන් කරමින් සිටී. ඇයට එම ගමනේදී සිය පළමු ඔසප්වීම අත්විදින්නට සිදුවේ. අනතුරුව මාර්ගබාධකයකදී හමුදා සෙබලකු විසින් ඇයව බසයෙන් බස්සවා පරීක්ෂා කරයි. ඇයගේ පියා ලිපි කරුවෙකි. මව සාමාන්‍ය  ගැහැණියකි. ඔවුහු ජීවත් වූයේ  නැගෙනහිර ප්‍රදේශයේ දුෂ්‍කර ගම්මානයකය. මෙම කාලය තුළදී හමුදාව ත්‍රස්තවාදීන් අතර සටන උත්සන්නව පැවති කාලයකි. එම කාලය තුළදී ත්‍රස්තවාදීහු පාසල් වලට රහසිගතව ඇතුළු වී ප්‍රචාරක දේශන පවත්වයි. දැරිය ඉගෙනුම ලබන පාසලද ඒ අතරින් එකකි. දිනක් ත්‍රස්තවාදීන් දැරියගේ නිවසට පැමිණ ඇයගේ පියාගෙන් දැරිය නොහැකි කප්පම් මුදලක් ඉල්ලයි. එම මුදල ගෙවා ගත නොහැකිව පියා සිත් තැවුලින් කල් ගෙවයි. එක් රාත්‍රියක ත්‍රස්තවාදීහු කප්පන් ගෙවා නොදීම හේතුකොට ගෙන දැරියගේ පියා සහ මව ඝාතනය කරයි. ඒත් සමගම දැරිය නිවසින් පලායයි. මෙබදු සිද්ධි තුනක එකතුවක් වශයෙන්  ඉගිල්ලෙන මාලුවෝ සිනමාපටය නිර්මාණය  ඇත.

Thursday, 10 October 2024

හෝ ගානා පොකුණ සිනමා පටය

හෝ ගානා පොකුණ සිනමා පටය

ළමා චිත්‍රපටයක් ලෙසට වැදගත් වන හෝ ගානා පොකුණ  චිත්‍රපටය  නිර්මාණය කිරීමෙහිලා චිත්‍රපටයේ තේමාව බවට පත්ව ඇත්තේ ගමේ වැවෙන් එහාට ලෝකය නොදැකපු ගමටම සීමා වුණු කිසිදු දිනක මුහුද නොදැකපු මුහුද ගැන සිතා ගන්වනවත් නොහැකිව සිටින දරුවන් පිරිසකට මුහුද පෙන්වීමට දරණ උත්සහයකි. 

පාසලට පැමිණෙන නව පාසල් ගුරුවරිය පාසල් ශිෂ්‍යයන් කිසිවකු කිසිදු දිනක නොදැකපු ඔවුන් බලන්නට සිහින දකින මුහුද පෙන්වීමට දක්වන අනේක විද අභිහයෝගයන් හමුවේ ඇය කටයුතු කරයි. ඇය දරුවන්ට මුහුද පෙන්වීමට දරණ උත්සහය තුළින්  දරුවන්වගේ ඇස් පාදන්වනට සමාජය සතු වගකීමද ගමේ වැවෙන් එහා ලෝකයට දරුවන්ව රැගෙන  යාමේ වගකීමද මේ තුළින් විවර කර පෙන්වීමට කටයුතු කර ඇත. ඉතාම පිටිසර බද  පාසලකි. එහි ඉගෙනුම ලබන්නේ සිසුන් දහ අට දෙනෙකු  පමණි. 


එතෙක් පාසලට සිටි  එකම ගුරුතුමා වන්නේද  ප්‍රධානියා  වන්නේද ගමේ සිටින එකම වියපත් ගුරුතුමාය. එක්තරා දිනක සුපුරුදු ලෙස ළමුන්ව සියලු දෙනා පාසල් වත්තේ ඔවුන්ව වගා කල එළවළු අස්වැන්වන නෙලමින් සිටියදී නොසිතූ ලෙස එතැනට පැමිණෙන අමුත්තිය ඔවුන්ගෙන්  විමසන්නේ පාසල ගැනයි. කතාව එතැන් සිට ආරම්භ වේ. එහිදී චිත්‍රපටය මුලින්ම ෆැන්ටසි ලෝකයට ඇතුළු වන්වන්නේ ග්‍රාමීය පාසලට ලැබෙන පියාහනෝව මගිනි.

ගුරුතුමිය පැමිණෙන තෙක්ම පාසල් විදුහල්පිතුමා පියානෝව ළමුන්ට හදුන්වා දෙන්නේ යකෙක් ලෙසටය. යකෙක් ලෙසට හදුන්වා දුන් පියානෝව ගුරුතුමිය පැමිණ ගායනා කරන “රෑට පෙනන කිරි හාවා” ගීතයත් සමග එය ආකර්ෂණීය  සංගීත භාණ්ඩයක් බවට පත්වේ. චිත්‍රපටය ආරම්භ  තුළ ග්‍රාමීය පාසල තුළ සීමාවන් අභිබවා යන්නට උමා ටීචර්ට හැකියාව ලැබේ . 

එතෙක් වගා කටයුතු සිදුකරමින් පාසල් දරුවන් ඉගෙනීමේ ක්‍රියාවලියට යොමුවන්නට පටන් ගනී. උමා ටීචර් පවත්වන උදා රැස්වීම තුළින් ඇය පාසල් දරුවන්වගේ දක්ෂතා මතුකරන්වනට පටන්ව ගනී. සෑම දරුවකුටම ඇය උදා රැස්වීම තුළ කතා කරන්නට අවස්ථාව ලබා දේ. දිනක් උපුලී නම් අන්ධ දැරිය ඇයහේ කිරි අත්තා මුහුද බැලීමට ගොස් ලද අත්දැකීම ඇය පාසල් මිතුරන්ව සමග බෙදා ගනියි. එය ක්‍රමයෙන් ගම්මානය පුරාම සිහිනයක් බවට පත්වේ.

පෙර ඔවුන් කිසිදු දිනක නොදැක සිටි  දෙයක්  පිළිබදව පාසල් දරුවෝ සිතන්නට යොමු වේ.දරුවන්වගේ සහ උමා ටීචර්හේ එකම ඉලක්කය කුඩා විප්ලවයකට මග පාදයි. කවුරුත් කවදාවත් දැකලා නැති මුහුද බැලීමට යාමට උමා ටීචර්හේ සහ දරුවන්ගේ විප්ලවය වෙයි. 

උමා ටීචර්ට පාසල් දරුවන්ව මුහුද පෙන්වීමට එකම එක චාරිකාව සංවිධානය කිරීමට දරන උත්සහයේදී ඇයට සහ දරුවන්වට අභිහයෝග රැසකට මුහුණ දෙන්නට සිදු වේ.  ගමේ ඉහළම පුද්ගලයන් වූ විදුහල්පති ග්‍රාමසේවක  මහත්තයාගේ වෙනස්  කල නොහැකි පුරුදු පවා වෙනස් කිරීමට සිදුවේ. තවද මුහුද බැලීමට යන චාරිකාවේදී ලොකුම අභිහයෝගය වන්නේ රියදුරු බලපත්‍රයක් නොමැති  ජස්ටින් නැමැති  බස් රියදුරාට රිය දුරු බලපත්‍රය ලබා ගැනීමේ  කටයුත්තයි. දරුවන්ගේ ලොකුම වීර  ක්‍රියාව වන්නේද  ජස්ටින් මාමාට රිය දුරු බලපත්‍රය අරන් දීමට දරන උත්සහයයි. 

බස් රියදුරාහේ කම්මැලිකම  භෞතික  අපහසුතා  ආදී දහසකුත්  අභිහයෝගයන් වලට මුහුණ දීමට උමා ටීචර්ට සිදුවේ. ජස්ටින් නැමැති  බස් රියදුරාට බලපත්‍රය අරන් දීමේ උත්සහ පවා අවසාන මොහොතේදී  ඵලක් නොමැති වේ. කෙසේ  නමුත් උමා ටීචර්හේ සියල්ල කල හැකි දක්ෂතාව සහ ඇයහේ අසීමිත කැපීම නිසා දරුවන්වන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට  හැකියාව ලැබේ. 

ඔවුන් කිසිවෙක්  කිසිදු දිනක  නොදැකපු  සිතින්  විතරක් මවාගෙන තිබූ හෝ ගානා පොකුණ නැරඹීමට ඔවුන්ට අවසානයේදී  හැකියාව ලැබේ. සියලු අභියෝගයන් හමුහේ දරුවන්වට මුහුද පෙන්වීමේ සිහිනය යථාර්තයක්  කර ගැනීමට උමා ටීචර් සමත් වේ.



Saturday, 5 October 2024


 පුරහද කළුවර චිත්‍රපටය 




 සිංහල දෙමළ ජනවාර්ගික ගැටුම පසුබිම් කරගෙන ලාංකීය සිනමාවේ විශාල සිනමා නිර්මාණ ප්‍රමාණයක් බිහි වී ඇත. ඒ අතරින්  නිර්මාණය වූ සිනමා පටයක් ලෙසට පුරහඳ කළුවර සිනමා පටය හඳුන්වා දිය හැකිය. 2007 වර්ෂයේ දී නිර්මාණය වුණු පුර හද කරුවල  සිනමා පටය  අග්‍රගන්‍ය සිනමාවේදියෙක් වන ප්‍රසන්න විතානගේ  මහතා අතින් නිර්මාණය වුණ සිනමා පටයක් වේ.

මෙම සිනමා පටය සදහා පාදක වෙලා තියෙන්නේ යුද කලාපයට ආසන්නව යුද්ධයෙන් දිළිඳු බවින් සහ දැඩි නියඟයෙන් පීඩා විඳින ගමක සිටි එක් දිළිඳු පවුලකින් යුද්ධයට ගිය තරුණයෙකුගේ ඛේදනීය මරණයක් සහ ඔහු මිය ගිය බව පිළිගන්නේ නැති පියකුගේ ශෝකාන්තයක්.



ඒ අනුව පුරහද කළුවර චිත්‍රපටය ආරම්භ මේ ආකාරයට වේ,

මුලින්ම පෙන්වන්නේ නියගයෙන් සහ අව්වෙන් වියළී ගිය පරිසරයකි. වැසි පොදක්වත් නැති මේ ගම ඉතාම කර්කශ පරිසරයකින් යුක්තය .

මේ පෙන්න දවස පසළොස්වක පෝය දවසක් වේ.අවමංගල රථයක් ගම දිහාවට එනවා පෙන්වනු ලබයි.රථයේ ඉන්න අය ඒ දේහය කාගේ නිවසේ ද කියා පාපැදියේ එන ග්‍රාමාරක්ෂක බටයෙක්ගෙන් අසනු ලැබේ. ඒ අවමංගල රථයේ තියෙන්නේ යුද්ධයට ගිහින් මියගිය බණ්ඩාරගේ දේහය සහිත සීල් තබන ලද මිනී පෙට්ටියයි.බණ්ඩාරගේ පියා වන වන්නිහාමි ගෙපැලේ ඉඳගෙන බුලත් විටක් සපමින් සිටියි.

මේ ර්කකශ පරිසරයත් එක්ක ඔට්ටුවන ඔහුට සතා සීපාවා අහස ගහකොළ සහ පරිසරය ගැන අපූරු ඉවත් ඇත .අවමංගල රථයෙන්  එළියට ගත් දේහය අඩි පාර ඔස්සේ ගෙපැල වෙත ගෙන එනු ලැබේ. කුස්සියේ පිටිපස්සේ හැලි වලං සෝදමින් සිටි සුනන්දා විලාප තියමින් දේහය වෙත දිව එනු ලැබේ. ඇය බණ්ඩාරගේ බාල සොහොයුරියයි. වන්නිහාමි අන්දයෙක් උනත් ඔහුගේ ඉව අන්ධ නෑ ඔහු මේ සියල්ලම නිහඬව දරා ගන්න්වා.

 වන්නිහාමිගේ එකම විශ්වාසය සුනන්දා විවාහ කර දෙන තුරු, අඩක් ඉදිකල නිවස ඉදි කරනතුරු සහ ග්‍රාම සේවක ගෙන් ගත් ණය මුදල පියවන තුරු මෙවැනි රාජකාරී රැසක් මැද කිසිසේත් බණ්ඩාර මිය නොයන බවයි. මල ගෙදර ගැන ආරංචිය ලැබුණු වන්නිහාමිගේ වැඩිමහල් දියණිය වූ යමුනා ඇගේ ස්වාමිපුරුෂයා සහ පුංචි දරුවා සමඟ මලගෙදරට පැමිණෙයි.

මළගෙදරින් පසුව ග්‍රාම සේවක බණ්ඩාරගේ වන්දිය ලබා ගැනීමට අදාළව  පිරවිය යුතු පෝරමය වන්නිහාමිට ලබා දෙනවා. එහෙත් වන්නිහාමිගේ ලෝකයේ බණ්ඩාර මිය ගිහින් නොමැත. ඒ නිසා බණ්ඩාර මියගිය බව පිළි නොගන්නා වන්නිහාමි ගෙදර අනෙක් අයට හොරෙන් පෝරමය පරණ සූට්කේස් එකක සඟවනු ලබයි.

ග්‍රාම සේවක වන්දිය ලබාදීමට වෙහෙසෙන්නේ ඉන් ඔහුට ලැබීමට ඇති ණය මුදල පියවා ගැනීමේ අරමුණින් වේ.කෙසේ නමුත්  වන්නිහාමි ග්‍රාම සේවයකට කියන්නේ බණ්ඩාර ජීවතුන් අතර සිටිද්දී වන්දිය ලබා ගැනීම සිවු කර නොහැකි බවයි. 

 වන්නිහාමි වන්දිය ලබා ගැනීම ගැන උනන්දු නොවුනත් පවුලේ අනෙක් අයට එය මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව ඇත. නිවසේ ඉතිරි කොටස ඉදි කිරීමට, ග්‍රාම සේවකගේ ණය ගෙවීමට,සෝමදාසට ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට විතරක්ම නෙවෙයි බණ්ඩාරගේ තුන් මාසයේ දානය රැඳී ඇත්තේද  මේ වන්දි මුදල මතයි. 

වන්නිහාමිගේ මේ විරෝධය ගෙදර අනෙක් අයට ලොකු ගැටලුවක්.දවසින් දවස පවුලේ අගය හිඟකම් ඉහළ යන නිසා සුනන්දා නගරයේ ඇගලුම් කම්හලක රැකියාවට යයි.ඒත් සෝමදාස එයට තදින්ම විරුද්ධ වෙනවා. කෙසේ හෝ බණ්ඩාරගේ තුන් මාසයේ දානයට අවශ්‍ය මුදල් බණ්ඩාරගේ හමුදා මිතුරන් පිරිසකගේ උදව්වෙන් ලැබෙනවා. 

ඒක මේ පවුලට විශාල සහනයක්.මේ අතර බණ්ඩාර ඇත්තටම මිය ගියාද නැද්ද දැන ගන්නට වන්නි හාමිට අවශ්‍ය වේ.ඔහු දවසක්  උදැල්ලක් රැගෙන බණ්ඩාරගේ මිනී වල හාරන්න යනවා. වන්නිහාමිගෙ අතුරුදහන් වීමෙන් කලබල වුනු නිවැසියන්ට  ඔහුව මුණ ගැසෙන්නේ අඳුරේ හුදෙකලාව ඉන්න විට යි.

මේ අතර එක දවසක් වන්නිහාමි නගරයේ සතිපොළට යනවා. ඔහු එහිදී ටී ෂර්ට් එකක් මිලට ගන්නව මේ මොහොතේ ඒක වෙළඳපොළේ හිටිය සුනන්දා දකිනවා. ඔහු එය ගෙදර ගෙනවිත් පැරැණි සූට්කේසයේ සඟවා තබනවා. 

ඉන් පසුව ඔහු තනිවම, පෙර දිනේ දී අසාර්ථක වුණ මිනීමල හැරීමේ කටයුත්තට යළිත් යනවා. ඒ බව ආරංචි වුණු ගම්වැසියන් ගෙදර උදවිය එතනට පැමිණෙයි.වන්නිහාමි ඒ වන විටත්  වලේ විශාල ප්‍රමාණයක් හාරා අවසන්. එතනට පැමිණි පිරිස අතර සිටි සෝමදාස ඉදිරියට පැමිණ වන්නිහාමිගේ උදැල්ල ගෙන පස හාරා පෙට්ටිය ගොඩට ගන්නවා. 

ඊට පස්සේ පෙට්ටිය විවෘත කරනවා. ඒ මිනීපෙට්ටිය ඇතුලෙ තියෙන්නෙ කෙසෙල් ගසක කඳක් සහ කළු ගල් දෙකක්. මේ සිද්ධිය එක්ක වන්නිහාමේ බණ්ඩාර තවමත් මියගිහින් නෑ කියන මතයට ස්ථිරවම එනවා. මේ සිද්ධිය ආරංචි වුණු ග්‍රාම සේවක ද එතැනට පැමිණ සියල්ලන්ටම බැන වදිනවා. 

එහෙත් වන්නිහාමිට ඒ ගැන කිසිම ගානක් නෑ. බණ්ඩාර මියගොස් නැති නිසා ඔහුට දැන් වන්දිය ද අවශ්‍ය නෑ. වන්නිහාමිගෙ ජයග්‍රහණය කියාපාන්නා වගේ ඒ මොහොතේ පොද වැස්සක් ද වැටෙනවා. වන්නිහාමි සෙමෙන් සෙමින් වැව දෙසට යනවා. ඒ හැන්දෑවේ කොල්ලන් සෙල්ලම් කරමින් වැවේ පීනනවා ඔවුන්ගේ සතුට වන්නිහාමිගේ ද සතුට සමග බැඳෙනවා. ප්‍රසන්න විතාන්ගේ සිනමා වේදියාගේ පුරහඳ කළුවර චිත්‍රපටය නිමාව දකින්නේ මේ ආකාරයට වේ.

ජෝ අබේවික්‍රම මහතා .

දේශබන්දු ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම 1927 ජුනි 22 දින උපත ලබයි. ජෝ අබේවික්‍රම යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ කැපී පෙනෙන රංගධරයෙක් ...