පුරහද කළුවර චිත්‍රපටය
සිංහල දෙමළ ජනවාර්ගික ගැටුම පසුබිම් කරගෙන ලාංකීය සිනමාවේ විශාල සිනමා නිර්මාණ ප්‍රමාණයක් බිහි වී ඇත. ඒ අතරින් නිර්මාණය වූ සිනමා පටයක් ලෙසට පුරහඳ කළුවර සිනමා පටය හඳුන්වා දිය හැකිය. 2007 වර්ෂයේ දී නිර්මාණය වුණු පුර හද කරුවල සිනමා පටය අග්‍රගන්‍ය සිනමාවේදියෙක් වන ප්‍රසන්න විතානගේ මහතා අතින් නිර්මාණය වුණ සිනමා පටයක් වේ.
මෙම සිනමා පටය සදහා පාදක වෙලා තියෙන්නේ යුද කලාපයට ආසන්නව යුද්ධයෙන් දිළිඳු බවින් සහ දැඩි නියඟයෙන් පීඩා විඳින ගමක සිටි එක් දිළිඳු පවුලකින් යුද්ධයට ගිය තරුණයෙකුගේ ඛේදනීය මරණයක් සහ ඔහු මිය ගිය බව පිළිගන්නේ නැති පියකුගේ ශෝකාන්තයක්.
ඒ අනුව පුරහද කළුවර චිත්‍රපටය ආරම්භය මේ ආකාරයට වේ,
මුලින්ම පෙන්වන්නේ නියගයෙන් සහ අව්වෙන් වියළී ගිය පරිසරයකි. වැසි පොදක්වත් නැති මේ ගම ඉතාම කර්කශ පරිසරයකින් යුක්තය .
මේ පෙන්න දවස පසළොස්වක පෝය දවසක් වේ.අවමංගල රථයක් ගම දිහාවට එනවා පෙන්වනු ලබයි.රථයේ ඉන්න අය ඒ දේහය කාගේ නිවසේ ද කියා පාපැදියේ එන ග්රාමාරක්ෂක බටයෙක්ගෙන් අසනු ලැබේ. ඒ අවමංගල රථයේ තියෙන්නේ යුද්ධයට ගිහින් මියගිය බණ්ඩාරගේ දේහය සහිත සීල් තබන ලද මිනී පෙට්ටියයි.බණ්ඩාරගේ පියා වන වන්නිහාමි ගෙපැලේ ඉඳගෙන බුලත් විටක් සපමින් සිටියි.
මේ ර්කකශ පරිසරයත් එක්ක ඔට්ටුවන ඔහුට සතා සීපාවා අහස ගහකොළ සහ පරිසරය ගැන අපූරු ඉවත් ඇත .අවමංගල රථයෙන් එළියට ගත් දේහය අඩි පාර ඔස්සේ ගෙපැල වෙත ගෙන එනු ලැබේ. කුස්සියේ පිටිපස්සේ හැලි වලං සෝදමින් සිටි සුනන්දා විලාප තියමින් දේහය වෙත දිව එනු ලැබේ. ඇය බණ්ඩාරගේ බාල සොහොයුරියයි. වන්නිහාමි අන්දයෙක් උනත් ඔහුගේ ඉව අන්ධ නෑ ඔහු මේ සියල්ලම නිහඬව දරා ගන්න්වා.
වන්නිහාමිගේ එකම විශ්වාසය සුනන්දා විවාහ කර දෙන තුරු, අඩක් ඉදිකල නිවස ඉදි කරනතුරු සහ ග්‍රාම සේවක ගෙන් ගත් ණය මුදල පියවන තුරු මෙවැනි රාජකාරී රැසක් මැද කිසිසේත් බණ්ඩාර මිය නොයන බවයි. මල ගෙදර ගැන ආරංචිය ලැබුණු වන්නිහාමිගේ වැඩිමහල් දියණිය වූ යමුනා ඇගේ ස්වාමිපුරුෂයා සහ පුංචි දරුවා සමඟ මලගෙදරට පැමිණෙයි.
මළගෙදරින් පසුව ග්‍රාම සේවක බණ්ඩාරගේ වන්දිය ලබා ගැනීමට අදාළව පිරවිය යුතු පෝරමය වන්නිහාමිට ලබා දෙනවා. එහෙත් වන්නිහාමිගේ ලෝකයේ බණ්ඩාර මිය ගිහින් නොමැත. ඒ නිසා බණ්ඩාර මියගිය බව පිළි නොගන්නා වන්නිහාමි ගෙදර අනෙක් අයට හොරෙන් පෝරමය පරණ සූට්කේස් එකක සඟවනු ලබයි.
ග්‍රාම සේවක වන්දිය ලබාදීමට වෙහෙසෙන්නේ ඉන් ඔහුට ලැබීමට ඇති ණය මුදල පියවා ගැනීමේ අරමුණින් වේ.කෙසේ නමුත් වන්නිහාමි ග්‍රාම සේවයකට කියන්නේ බණ්ඩාර ජීවතුන් අතර සිටිද්දී වන්දිය ලබා ගැනීම සිවු කර නොහැකි බවයි.
වන්නිහාමි වන්දිය ලබා ගැනීම ගැන උනන්දු නොවුනත් පවුලේ අනෙක් අයට එය මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව ඇත. නිවසේ ඉතිරි කොටස ඉදි කිරීමට, ග්‍රාම සේවකගේ ණය ගෙවීමට,සෝමදාසට ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට විතරක්ම නෙවෙයි බණ්ඩාරගේ තුන් මාසයේ දානය රැඳී ඇත්තේද මේ වන්දි මුදල මතයි.
වන්නිහාමිගේ මේ විරෝධය ගෙදර අනෙක් අයට ලොකු ගැටලුවක්.දවසින් දවස පවුලේ අගය හිඟකම් ඉහළ යන නිසා සුනන්දා නගරයේ ඇගලුම් කම්හලක රැකියාවට යයි.ඒත් සෝමදාස එයට තදින්ම විරුද්ධ වෙනවා. කෙසේ හෝ බණ්ඩාරගේ තුන් මාසයේ දානයට අවශ්‍ය මුදල් බණ්ඩාරගේ හමුදා මිතුරන් පිරිසකගේ උදව්වෙන් ලැබෙනවා.
ඒක මේ පවුලට විශාල සහනයක්.මේ අතර බණ්ඩාර ඇත්තටම මිය ගියාද නැද්ද දැන ගන්නට වන්නි හාමිට අවශ්‍ය වේ.ඔහු දවසක් උදැල්ලක් රැගෙන බණ්ඩාරගේ මිනී වල හාරන්න යනවා. වන්නිහාමිගෙ අතුරුදහන් වීමෙන් කලබල වුනු නිවැසියන්ට ඔහුව මුණ ගැසෙන්නේ අඳුරේ හුදෙකලාව ඉන්න විට යි.
මේ අතර එක දවසක් වන්නිහාමි නගරයේ සතිපොළට යනවා. ඔහු එහිදී ටී ෂර්ට් එකක් මිලට ගන්නව මේ මොහොතේ ඒක වෙළඳපොළේ හිටිය සුනන්දා දකිනවා. ඔහු එය ගෙදර ගෙනවිත් පැරැණි සූට්කේසයේ සඟවා තබනවා.
ඉන් පසුව ඔහු තනිවම, පෙර දිනේ දී අසාර්ථක වුණ මිනීමල හැරීමේ කටයුත්තට යළිත් යනවා. ඒ බව ආරංචි වුණු ගම්වැසියන් ගෙදර උදවිය එතනට පැමිණෙයි.වන්නිහාමි ඒ වන විටත් වලේ විශාල ප්‍රමාණයක් හාරා අවසන්. එතනට පැමිණි පිරිස අතර සිටි සෝමදාස ඉදිරියට පැමිණ වන්නිහාමිගේ උදැල්ල ගෙන පස හාරා පෙට්ටිය ගොඩට ගන්නවා.
ඊට පස්සේ පෙට්ටිය විවෘත කරනවා. ඒ මිනීපෙට්ටිය ඇතුලෙ තියෙන්නෙ කෙසෙල් ගසක කඳක් සහ කළු ගල් දෙකක්. මේ සිද්ධිය එක්ක වන්නිහාමේ බණ්ඩාර තවමත් මියගිහින් නෑ කියන මතයට ස්ථිරවම එනවා. මේ සිද්ධිය ආරංචි වුණු ග්‍රාම සේවක ද එතැනට පැමිණ සියල්ලන්ටම බැන වදිනවා.
එහෙත් වන්නිහාමිට ඒ ගැන කිසිම ගානක් නෑ. බණ්ඩාර මියගොස් නැති නිසා ඔහුට දැන් වන්දිය ද අවශ්‍ය නෑ. වන්නිහාමිගෙ ජයග්‍රහණය කියාපාන්නා වගේ ඒ මොහොතේ පොද වැස්සක් ද වැටෙනවා. වන්නිහාමි සෙමෙන් සෙමින් වැව දෙසට යනවා. ඒ හැන්දෑවේ කොල්ලන් සෙල්ලම් කරමින් වැවේ පීනනවා ඔවුන්ගේ සතුට වන්නිහාමිගේ ද සතුට සමග බැඳෙනවා. ප්‍රසන්න විතාන්ගේ සිනමා වේදියාගේ පුරහඳ කළුවර චිත්‍රපටය නිමාව දකින්නේ මේ ආකාරයට වේ.


❤️❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete