My Blog List

Wednesday, 16 October 2024

ඉගිල්ලෙන මාලුවෝ සිනමා පටය.

 ඉගිල්ලෙන මාලුවෝ සිනමා පටය.




නැහගනහිර යුධ බිම මායිමේ ගෙවුණු සංජීව පුෂ්‍පකුමාරයන්ගේ ජීවන අත්දැකීම්  වල පරිකල්පනයක් ලෙසට  ඉගිල්ලෙන මාලුවෝ සිනමාපටයේ කතා වස්තුව ගෙතී ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට සමාන්වතර කථා තුනක් වටා චිත්‍රපටයේ පෙළ දිග හැරී ඇත. චිත්‍රපටය තුළ හමුදා භටයෙක්  විසින් ගමේ තරුණියක් අනාථ කල පලා යාමක් මූලික ප්‍රස්තුතය බවට පත්ව ඇත. ඒ තුළින් ඉස්මතුව පෙන්වන්නේ ඔහුගේ හමුදා නිලය නොව  ඔහු තුල ජීවත් වන සාමාන්‍ය  මිනිස් දුර්වලතාවලින් හෙබි මනුෂ්‍යයයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ යුද්ධය  පැවති කාල සීමාවන්හි ඒ ප්‍රදේශයන්හි පැවති සමාජ පසුබිම,මිනිසුන්ගේ හැගීම් ,කළකිරීම,වේදනාව,කෝපය යන මහනෝභාවයන් චිත්‍රපටය හරහා ඉදිරිපත් කොට ඇත.



ඉගිල්ලෙන මාලුවෝ සිනමා පටය ආඛ්‍යාන තුනක කථාවක් වශයෙන් නිර්මාණය වී ඇත. එම ආඛ්‍යාන තුනට පදනම  වන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධය  පැවති සමයේ හමුදා සොල්දාදුවෙක් හා සිංහල යුවතියක් අතර ඇතිවන  සම්බන්ධය වයස අවුරුදු දාහතරක පුතෙක් ඔහුහේ තරුණ  මවත් සමග ඇති කර ගන්නාවූ ගැටුම, එල් ටී ටී සංවිධානය දහතුන් හැවිරිදි දරුවෙක්ව පැහැර ගෙන යාමට දරන උත්සාහය වශයෙන්  චිත්‍රපටයේ ආඛ්‍යානය නිර්මාණය වී ඇත. 

 වාසනා නම්  තරුණිය හා සොල්දාදුවා අතර සම්බන්ධය තුළදී ඇය ගමේ තරුණියක් හමුදා සොල්දාදුවෙක් සමග ආදරයෙන් බැදේ. ඔවුන් දෙදෙනා අතර  සම්බන්ධය  දුරදිග යාමෙන්  ඇයව හමුදා  සොල්දාදුවා අතින් ගැබ්  ගනී. වාසනා සහ හමුදා සොල්දාදුවා උත්සාහ ගන්නේ දරුවා ගබ්සා කිරීමටයි. දිනක් ඔවුන් දෙදෙනා  දරුවා ගබ්සා කිරීමට යයි. නමුත් ඔවුන් දෙදෙනාගේ  එම උත්සහාය අසාර්ථක වේ. මේ අතර යුද්ධය  උත්සන්න තත්වයට පත් වෙද්දී  ගම ආරක්ෂා  කිරීමට වැඩිහිටි පිරිමි  සිවිල් ආරක්ෂක  හමුදාවට බදවා ගනී. මේ  බදවා ගැනීම්  අතර වාසනාගේ පියාද සිටියි. ඇහේ පියාද සිවිල් ආරක්ෂකභටයකු වශයෙන් හමුදාවට බදවා ගනී. වාසනා සමග ප්‍රේම සේබන්ධතාවක් ඇති කර ගෙන තිබෙන හමුදා සොල්දාදුවාගේ කදවුර වූයේද පියා අනුබද්ධව තිබෙන හමුදා කදවුරයි.

දිනක් සිවිල් ආරක්ෂක පියා හිතා මතාම හමුදා කදවුරේ ඔහුට පැවරී තිබූ වගකීමක් මගහරියි. ඒ අනුව වාසනාගේ පෙම්වතා  තම සේවය  කරන හමුදා කදවුරේ සොල්දාදුවන්  සේවයට වාර්තා නොකිරීම නිසා සිවිල් ආරක්ෂක පියාගේ නිවසට පැමිණ  බැණවැදී නින්දා අපහස කරයි. එයින් මහත් සිත් තැවුලට පත් වාසනාගේ පියා හිසට වෙඩි තබාගෙන මිය යයි. ඒ අතර වාසනාගේ සොල්දාදු පෙම්වතා  ගමෙන් මාරුවීමක්  හදා ගෙන පලා යයි. තම පියාගේ දිවි නසා ගැනීමෙන් හා ගැබ්  ගෙන සිටියදී තමා හැර යාමෙන්  සොල්දාදු පෙම්වතා පිළිබද දැඩි  කෝපයට පත් ඇය සොල්දාදු  පෙම්වතා  උපක්‍රමශීලීව හමුවීමට උත්සාහ දරයි.

එසේම, සිනමා පටයේ  මව සහ පුතා අතර නිරූපිත අනියම් සම්බන්ධතාවයද අනෙක්  අඛ්‍යානයයි. සිනමා පටයේ මව වැන්දඹු කාන්තාවකි. ඇය තම දරුවන් අට දෙනා සමග දුරබැහැර ගමක වාසය කරයි. මෙම කාලවකවානුව තුළ රජයේ හමුදාව සහ එල්.ටී.ටී සංවිධානය අතර අරගලය උත්සන්න  කාල වකවානුවකි. දැඩි දරිද්‍රතාවයෙන්  පෙළෙන ඇය කිරි වෙළදාම්  කරන්නියකි. මේ අතර  තුර ඇය ගමේ වෙනත් තරුණයෙක් සමග අනියම් සම්බනධතාවයක් ඇති  කර ගනී. ඇයහේ වැඩිමහල් පුතා පවුලට සහහයෝගය දැක්වීම සදහා මාළු වෙළදාමේ යෙදෙයි. මේ ඇයහේ වැඩිමහල් පුතා ඔහුහේ වයසේ ගැහැණු ළමයකු සමග  ආදරයෙන් බැදේ. මෙහිදී  මවගේ අනියම්  සබදතාව වෙනත් අයට හෙළි වීමත් සමග ඔහු දැඩි  අපහසුතාවයට පත් වේ. මේ අතර මවගේ  සම්බන්ධය ගැන විවිධ කට කතා පැතිරෙන්නට විය. දිනක් ඔහුගේ  මව අනියම් පේම්වතා සමග ලිංගික සංසර්යේ යෙදී  සිටිනු දුටු ඔහු කෝපයට පත්ව සහහෝදර සහහෝදරියන්ව ඉදිරිපිටදීම සිය මවට පිහියෙන්  ඇන මරා දමයි.

ඉගිල්ලෙන  මාලුවෝ සිනමාපටයේ  හතර වැනි ආඛ්‍යානය වන්නේ ද්‍රවිඩ පාසල් සිසුවියගේ  පවුල හා  ත්‍රස්තවාදී කණ්ඩායමක් අතර සිදුවන ක්‍රියාදාමයයි. ද්‍රවිඩ පාසල් සිසුවිය පාසලෙන් පසුව නිවස බලා යන අතරතුර බස් රථයක ගමන් කරමින් සිටී. ඇයට එම ගමනේදී සිය පළමු ඔසප්වීම අත්විදින්නට සිදුවේ. අනතුරුව මාර්ගබාධකයකදී හමුදා සෙබලකු විසින් ඇයව බසයෙන් බස්සවා පරීක්ෂා කරයි. ඇයගේ පියා ලිපි කරුවෙකි. මව සාමාන්‍ය  ගැහැණියකි. ඔවුහු ජීවත් වූයේ  නැගෙනහිර ප්‍රදේශයේ දුෂ්‍කර ගම්මානයකය. මෙම කාලය තුළදී හමුදාව ත්‍රස්තවාදීන් අතර සටන උත්සන්නව පැවති කාලයකි. එම කාලය තුළදී ත්‍රස්තවාදීහු පාසල් වලට රහසිගතව ඇතුළු වී ප්‍රචාරක දේශන පවත්වයි. දැරිය ඉගෙනුම ලබන පාසලද ඒ අතරින් එකකි. දිනක් ත්‍රස්තවාදීන් දැරියගේ නිවසට පැමිණ ඇයගේ පියාගෙන් දැරිය නොහැකි කප්පම් මුදලක් ඉල්ලයි. එම මුදල ගෙවා ගත නොහැකිව පියා සිත් තැවුලින් කල් ගෙවයි. එක් රාත්‍රියක ත්‍රස්තවාදීහු කප්පන් ගෙවා නොදීම හේතුකොට ගෙන දැරියගේ පියා සහ මව ඝාතනය කරයි. ඒත් සමගම දැරිය නිවසින් පලායයි. මෙබදු සිද්ධි තුනක එකතුවක් වශයෙන්  ඉගිල්ලෙන මාලුවෝ සිනමාපටය නිර්මාණය  ඇත.

1 comment:

ජෝ අබේවික්‍රම මහතා .

දේශබන්දු ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම 1927 ජුනි 22 දින උපත ලබයි. ජෝ අබේවික්‍රම යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ කැපී පෙනෙන රංගධරයෙක් ...