My Blog List

Monday, 21 October 2024

කඩවුණු පොරොන්දුව සහ බී.ඒ ඩබ්ලිව් ජයමාන්න.

 කඩවුණු පොරොන්දුව සහ බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න .


සිංහල සිනමාවේ ආරමභකයා ඔහුහ. ප්‍රථම කතානාද චිත්‍රපටයේ කතා රචකයාත් ප්‍රධාන නළුවාත් වූ ඔහු සිංහල සිනමාවේ පියා ලෙසද හැදින්වේ. වේදිකා නාට්‍ය කලාව අතහැර චිත්‍රපට කලාවට අවතීර්ණ විය.

මීගමුවේ මිනර්වා නාට්‍ය සංගමය බිහිවූයේ මෙතුමාගේ පුරෝගාමිත්වයෙනි. නාට්‍ය ලෝකයේත් පසුව සිනමා ලෝකයේත් ඔහු හැදින් වූයේ ඇලෝ අයියා  යන ආදර නාමයෙනි. 1908 මීගමුවේ පෙරියමුල්ලේ උපත ලැබූ ඔහු නාට්‍ය කලාවට පිවිසියේද මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙනි.

මෙතුමන්ගේ මුල්ම නාට්‍ය වූ හත්වැනි පැය හෙවත් භයානක පොරොන්දුව 1936 දි නිපදවිය. 1936 සිට 1964 දක්වා මෙතුමන් වේදිකා නාට්‍ය 15 ක් නිපදවා ඇති අතර ඔහුගේ අවසන් මිනර්වා නාට්‍ය වූයේ වනලිය යි. 

ශ්‍රීලංකාවේ සෑම තැනකම 800 වාරයක් තිරගත වූ කඩවුණු පොරොන්දුව නාට්‍ය චිත්‍රපට ගත කිරීම මිනර්වා කණ්ඩායමට අපූරු අත්දැකීමක් විය. චිත්‍රපටයේ පැය 2 1/2 එක් පැයක් කතාවේ දෙබස් සහිත දර්ශන සදහා වෙන්විය. මෙහි ඉහළ පන්තියේ පෙම්වතුන් ධනවත් ගෙහිමයන් චරිත සදහා ඔහු  යොදා ගත්තේ ලේඛන භාෂාවේ එන දෙබස්‍ ය. 


එමෙන්ම මෙතුමන් විකට ජවනිකා සදහා භාවිතාකොට ඇත්තේ සාමාන්‍ය එදිනෙදා භාවිතා කල සංවාදය. කඩවුණු පොරොන්දුව සිනමා පටයේ පැය භාගයක් සිංදු සදහා වෙන්විය. සිංදු දහයක් විය. තවත් පැය භාගයක් නිශ්ශබ්ද පසුබිම් දර්ශන සදහා වෙන්විය . විවේක කාලය  විනාඩි පහළොවකි. බී.ඒ.ඩබ්ලිව් කඩවුණු පොරොන්දුව සිනමා පටයේ ප්‍රධාන චරිතය සැම්සන් ලෙසත් රුක්මණී දේවී ප්‍රධාන චරිතය රංජනී ලෙසත් රගපෑම නිසා සිංහල සිනමාවේ ප්‍රථම නළු නිළි යුවල විය. 

තවද මිනර්වා නාට්‍ය ඇසුරෙන් සිනමාවට නැගුණු චිත්‍රපට අතර කපටි ආරක්ෂකයා 1948 දී තිරගත විය. තවද වැරදුණු කුරුමානම 1948  ද, පෙරළෙන ඉරණම 1949 ද තිරගත විය. 

මෙතුමන් තනිව අධ්‍යක්ෂණය කල චිත්‍රපට 1950 දී තිරගත විය. 1950 හදිසි විනිශ්චය , 1951 උමතු විශ්වාසය, කැළෑ හද 1953 ද තිරගත විය. 

ඔහුගේ කැළෑහද චිත්‍රපටය අතිශයෙන් ජනප්‍රිය චිත්‍රපටයක් විය. 1956 දී දිනමිණ  පත්‍රය විසින් පවත්වන ලද සිනමා උළෙලේදී ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ කැළෑහද චිත්‍රපටයයි.

 එමෙන්ම තවද මෙතුමන් අධ්‍යක්ෂණය කල චිත්‍රපට අතර අයිරාංගනී 1954, මතභේද 1955, දෛව විපාක 1956, හදිසි විවාහය 1956, කවට අන්දරේ 1960, ජිවිත පූජාව 1961, මංගලිකා 1963, මගුල් පෝරුවව 1964 දි කැපී පෙනේ. 

ඒ අනුව බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නයන් මිය ගියේ මගුල් පෝරුවව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිටියදී 1965 වසරේදීය.

1 comment:

ජෝ අබේවික්‍රම මහතා .

දේශබන්දු ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම 1927 ජුනි 22 දින උපත ලබයි. ජෝ අබේවික්‍රම යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ කැපී පෙනෙන රංගධරයෙක් ...