සිංහල සිනමාවේ පුරෝගාමී සිනමා ප්‍රතිරූපය වසන්ත ඔබේසේකරයි.
විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, කෘතහස්ත තිර පිටපත් රචකයෙක් , නිෂ්පාදකවරයෙක් මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසට වසන්ත ඔබේසේකරයන් හැදින්විය හැකිය.
වසන්ත ඔබේසේකරයන්ගේ පියා වූයේ දොන් ඩේවිඩ් ඔබේසේකරය. මව අමරා කන්නන්ගර නම් වූවාය. මහාචාර්ය ගණනාථ ඔබේසේකර ඔහුගේ එකම සහෝදරයා විය. 1962 දී ලංකා
විශ්වවිද්‍යාලයෙන් (University of Ceylon) ඉතිහාසය පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබා ගනු ලැබූ වසන්ත ඔබේසේකර මහතා කලක් උපාධිධාරී ගුරුවරයෙක් ලෙස සේවය කරන ලදි.
ඉන් අනතුරුව 1964-1970 කාලය තුලදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම හී කතෘ මණ්ඩලයෙහි සේවය කරන ලදී. එනමුත් ඔහුගේ රුචිකත්වය වූයේ සිනමාවටයි.
මෙතුමන් සිනමාවට අත්පොත් තැබුවේ 1967දී ආචාර්ය සිරි ගුනසිංහගේ ”සත් සමුදුර” චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායකවෙමිනි.
එම වසරේ මෙම චිත්‍රපටය මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කළේය.
ප්‍රංශයේ සිනමාකරණය සම්බන්ධයෙන් වූ කමිටුවක් මගින් ඔහුට 1971දී සිනමාකරණය පිළිබඳ විශේෂ සහතිකයක් පිරිනමා ඇත .
ඔහු විසින් නිර්මාණය කරන ලද වෘත්තාන්ත චිත්‍රපට සංඛ්‍යාව 13ක් පමණ වේ.
‘වෙස්ගත්තෝ’ (1970) වසන්තගේ ඔබේසේකරයන්ගේ ප්‍රථම නිර්මාණයයි. මෙය එක්තරා ආකාරයක ප්‍රහසන චිත්‍රපටයකි. ඔහු මෙයින් කියන්ට උත්සුකව ඇත්තේ ලොකු හොරුන් නිදැල්ලේ වෙසෙද්දී පොඩි හොරුන් පමණක් නීතියේ රැහැනට අසුවන ආකාරයයි.
එමෙන්ම මෙතුමන් නිර්මාණය කරන ලද තවත් සිනමා නිර්මාණයක් ලෙස පළගැටියෝ සිනමා පටය හැදින්වීම පුළුවන.
පළගැටියෝ’ (1979) සත්‍ය සිදුවීමක් ඇසුරුකරගෙන නිර්මාණය වන මෙම සිනමා නිර්මාණය මඟින් සත්‍ය සිද්ධි ඇසුරු කර ගැනීමට ඔහු යොමු වේ.
‘දඩයම‘ (1984) අදටත් වසන්ත ඔබේසේකරයන්ගේ ජනප්‍රියතම චිත්‍රපටයයි. ඔහු පොදුජන ප්‍රේක්ෂකයන් ප්‍රථම වතාවට සමීප කරගත්තේ දඩයම සිනමාපටයයි. මෙය ද සත්‍ය කතාවක නිර්මිතයකි. ගැහැනිය කේන්ද්‍ර කරගෙන ඔවුන් පුරුෂාධිපත්තියට හා ලිංගික සූරාකෑමට එරෙහිව ක්‍රියා කරන ආකාරය මෙමගින් නිරූපණය කර ඇත .
එමෙන් ම ඔහු විසින් නිර්මාණය කරන ලද කැඩපතක ඡායා’ (1989) චිත්‍රපටය විවෘත ආර්ථිකයෙන් පසු අපේ රටේ ඇති වූ සාරධර්ම හා සදාචාර පරිහානිය මෙම චිත්‍රපටය මනාව පිළිබිඹු කර දක්වයි.
මීට අමතරව සළෙළු වරම, දොරකඩ මාරාව, තීර්ථ යාත්‍රා, අසනි වර්ෂා, සෙව්වන්දි මාරුතය හා ආගන්තුකයා ආදී චිත්‍රපට ඔහු අතින් නිර්මාණය වූ නිර්මාණ අතර වේ.

No comments:
Post a Comment