ආචාර්ය තිස්ස අබේසේකර මහතා සිනමාව තුළ බහුවිධ ක්ෂේත්‍ර අරඹයා ප්‍රාමාණිකයෙක් විය.
ඔහු සාහිත්‍යමය තිර රචනයේ විශිෂ්ටයකු වුවා පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂණය තුළ කෘතහස්ත නිර්මාණවේදියක් ද විය. එමෙන් ම රංගනය තුළ ප්‍රතිභාසම්පන්න රංගවේදියෙකු විය. මෙකී විවිධ ක්ෂේත්රයන් අළලා ඔහු ප්‍රදර්ශනය කරනු ලැබුවේ වෘත්තීමය නිපුණත්වයකි. එය එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ නිර්මාණකරුවකුගෙන් හඳුනාගත නොහැකි විරල ලක්ෂණයකි.
1939 මැයි 07 වැනිදා උපන් තිස්ස ආනන්ද ද ෆොන්සේකා හෙවත් තිස්ස අබේසේකර වයස අවුරුදු 11 පමණ වන තෙක්ම කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් නිවසේ ම සිටීමට සිදු විය. එම අවධියේ ඔහුගේ පියා ආතර් සොලමන් ද ෆොන්සේකා ගෙදරට ගුරුවරුන් ගෙන්වීමෙන්ද, නුගේගොඩ පෞද්ගලික ඇකඩමියක් මඟින් ද තිස්සට අකුරු කරවූ බව සදහන් වේ.
පසුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලත් තිස්ස අබේසේකරයන් ඉතා ව්‍යක්ත ලෙස සිංහල හා ඉංග්‍රිසි භාෂාවන් සදහා දක්ෂ විය. පසුකාලීනව කොළඹ විශ්වවිද්‍යාලය මගින් ඔහු වෙත සාහිත්‍යසූරී ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමිණ. එතැන් පටන් ඔහු ආචාර්ය තිස්ස අබේසේකරනම් විය.
ආචාර්ය තිස්ස අබේසේකරයන් ගේ සිනමා ප්රගමනය සිදු වන්නේ ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ මහතාගේ ‘ගම්පෙරළය’ සිනමා නිර්මාණයේ අමතර තිර පිටපත් රචකයෙකු වශයෙනි.
ඔහු විසින් තිර රචනයෙන් සම්බන්ධ වූ නිර්මාණ අතර ගම්පෙරළිය (1963), දෙලොවක් අතර ( 1966), බිනරමලී (1969) ,අක්කර පහ(1970) ,වීර පුරන් අප්පු (1978), පොඩි මල්ලී(1979) ,ගඟ අද්දර (1980) ,මායා (1984), කුලගෙය (1982), ගුරුගෙදර (1993), ලොකු දුව (1996) ,උප්පලවන්නා (2007) ,කුසපබා (2012), අතිශයින්ම ප්‍රේක්ෂක සම්භාවනාවට පාත්‍ර විය.
මීට අමතරව ඔහු විසින් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වූ නිර්මාණ අතර . කරුමක්කාරයෝ (1980), මහගෙදර(1982), විරාගය (1987) සිනමා නිර්මාණ වැදගත් වේ.
තිර රචකයෙකු අධ්‍යක්ෂකවරයෙකුට අමතරව තිස්ස අබේසේකරයන් තුළ ගැබ්ව පැවැතියේ මහා රංග පෞරුෂයකි.
ඔහු විසින් රංගනයෙන් දායක වන ලද නිර්මාණ සංඛ්‍යාව අතළොස්සක් වුදව ඒතුළ ඔහු අවස්ථා ගණාවකදී සම්මානයට පවා පාත්‍ර වීමට කුසලතා සම්පන්න විය. ආචාර්ය ලෙස්ටර ජේමිස් පීරිස් ශූරීන්ගේ වීර පුරන් අප්පු චිත්‍රපටයේ කුඩහපොළ හාමුදුරුවන්ගේ චරිතය මිනිත්තු පහක් තුළ රංගනය යෙදීම හේතුවෙන් 1978 වසරේ හොදම සහය නළුවාට හිමි ජනාධිපති සම්මානය හිමිකර ගැනීමට ඔහු සමත් විය.
1984 වසරේ එස්.ඒ. ප්‍රේමරත්න නිර්මාණය කළ පරසතුහි කළ චරිත නිරුපනය මෙන් ම 1985 වසරේ තිරගත වූ සරත් ගුණරත්නගේ ‘වත්සලා අක්කා’ සිනමා කෘතියේ ධනුක සේනාරත්නගේ චරිතයද මෙහිලා සඳහන් කරණු වටියි.
සිංහල සිනමාවේ බොහෝ විචාරක බුද්ධිමතුන් සිංහල සිනමාවේ විශ්මය තිස්ස අබේසේකර බව හඳුන්වයි.
ඒ අනුව සිනමාව පිළිබඳ ප්‍රාමාණිකයෙක් ලෙස සිනමා වේදී තිස්ස අබේසේකර මහතාගෙන් සිනාමාවට සිදුවූ සේවය අතිමහත් ය.

Grate
ReplyDelete❤️
ReplyDelete